කතරගම රක්ෂිත වනාන්තර කපා ඉඩම් ඇල්ලීමේ මහා ජාවාරමක්… වැලි හා දඩමස් ජාවාරමත් ජයටම…. වන රක්ෂණය නිහඬයි…

438

කොරෝනා තත්වය හමුවේ කතරගම, ලූණුගම්වෙහෙර වන සීමාවේ මහා පරිමාණයෙන් වනාන්තරය කපා ඉඩම් ඇල්ලීමේ ජාවාරම් රැුසක් මේ දිනවල සිදුවෙමින් පවති.

 කතරගම ක`දසුරිදු ගම, ලූණුගම් වෙහෙර අතර වන සීමාවේ ද කතරගම වෙහෙරකෙම ප‍්‍රදේශය, සෙල්ල කතරගම, කරවිලේ ඉහළ වන සීමාවන් තුළ මෙන්ම කතරගම අවට ලඳු කැලෑ මෙන්ම හෙදින් වැඩණු ගස් වැල් කපා මේ වන විට විශාල වන හානියක් විවිධ පිරිස් විසින් සිදු කරමින් පවතී.

 හේන් සඳහා යැයි පවසා මෙම වනයන් කපා දමා එහි ඇති දැව කදන් ප‍්‍රසිද්ධියෙම රැුගෙන යනු ලැබුවත් මේ දක්වා වනය සුරකින වන සංරක්ෂණ නිලධාරීන් විසින් මෙම පරිසර හානිය වළක්වා ගැනීම පිණිස කි‍්‍රයා නොකර සිටීම සම්බන්ධව කතරගම ජනයා මවිතය පළකරති.

 මෙයට අමතරව ලූණුගම් වෙහෙර කතරගම මයිම් අසළ ඇති විදුලි වැටවල්වලින් මහා වනයට පැන වටිනා ගස් කැපීම මේ දිනවල දැකිය හැකි තවත් අපරාධයකි.

 කතරගම යාල වන සීමාවන්ට අයත් නාගහවීදිය සිට කොහොඹ දිගාන විදුලි වැට ද හානිකර රක්ෂිත වනයට පිවිසෙන වැලි ජාවාරම්කරුවන් විසින් වැලි ගොඩ දැමීමේ ජාවාරම් ද කරමින් පවතී.

 මෙයට අමතරව පවතින නියං සමය මත වැව් සහ ජල පිරි වළවල් වෙත පැමිණෙන මුවන්, ගෝනුන් වැනි අසරණ සතුන් දඩයම්ද මේ දිනවල වැඩි වී තිබේ.

 සෙල්ල කතරගම, යෝද කණ්ඩිය, බෙරලිහෙළ වැනි ප‍්‍රදේශ ඔස්සේ ඉතාම සුක්ෂම ලෙස මෙම වන සතුන්ද දඩයම් කර මස් අලෙවි කිරීම්ද වැඩි වී ඇතත් රජයෙන් වැටුප් ගෙන රාජකාරි කිරීමට පත්තර ඇති ආයතන නිහ`ඩව සිටිනවා යැයි ජනතාව චෝදනා කරති.

කතරගම – කේ. ඞී. දේවපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment