කතරගම වන්දනාවේ ගිය බසය දක්ෂිණ අධිවේගයේදී අනතුරට ලක්වී 15කට තුවාල

250

වන්දනා නඩයක් රැගෙන කතරගම ගොස් ආපසු එමින් සිටි සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (01දා) පෙරවරුවේ දි දක්ෂිණ අධිවේගී මාර්ගයේ 88 වැනි කිලෝමීටරය අසලදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් බසයේ ගමන්ගත් 15 දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 11 දෙනකු හා කාන්තාවන් 04 දෙනකු සිටින අතර ඔවුන් අතර තුවාල ලැබූ ළමුන් තුන් දෙනකු සිටින බවද පොලිසිය පවසයි. මෙකී අනතුරෙන් වාහනයේ රියැදුරු බරපතළ තුවාල ලබා ඇති අතර අනිකුත් අය සුළු තුවාල ලබා ඇති බව රෝහල් පොලිසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ මතුගම පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment