කතරගම සභාපතිගේ  ‘තටු කපයි’

780

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතාගේ පාලන බලය තාවකාලිකව අත්හිටු වූ ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සභාවේ බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල අතිරේක සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පවරා තිබේ.

 කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සභාවේ සිදුකර ඇතැයි කියන වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි කතරගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩී. වී. ශාන්ත මහතා ප්‍රධාන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයාට අවස්ථා කිහිපයකදීම පැමිණිලි කර තිබුණි.

 ඒ අනුව ආණ්ඩුකාරවරයා පසුගිය මැයි 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සභාපතිවරයාගේ පාලන කටයුතු අත්හිටුවා ඒවා මොනරාගල සහකාර කොමසාරිස්වරයා වෙත පැවැරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 සභාපතිවරයා හා සභාව විසින් යම් අක්‍රමිකතාවයක් සිදුකර ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා විසින් අධිකරණ නිලධාරි විශ්‍රාමලත් විනිසුරු එච්. එම්. ආර්. අනුර කුමාර මහතා ද පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment