කතානායකගේ දැනුම්දීම පාර්ලිමේන්තුව නොමග යැවීමක්: ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලු‍වට ලක් කිරීමක්

94

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

මහ බැංකු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිවීම වලක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ කෙටුම්පතට සංශෝධන 80ක් පිටු 54ක් පුරා යෝජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ දින පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

පසුගිය අප්‍රියෙල් 04දා කතානායකතුමා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මහ බැංකු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟ බැවින් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි. ඇත්තෙන්ම ඒක එක පැත්තකින් පාර්ලිමේන්තුව නොමග යැවීමක්. අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලු‍වට ලක් කිරීමක්. මහ බැංකු පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ මන්ත්‍රිවරයෙකු වගේම නීතිඥයෙකු ලෙස මෙම ප්‍රකාශය පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේදී මතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. සමස්ත පනත් කෙටුම්පතම ව්‍යවස්ථාවට එකඟයි නම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය පිටු 54ක් පුරා ලිව්වේ මොනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. කතානායකතුමාට උපදෙස් දුන්නු නිලධාරියා පිටු 54 කියවන්න තිබෙන කම්මැලිකමට අන්තිම ඡේදය විතරක් කියෙව්වා. සියළුම වගන්ති ව්‍යවස්ථාවට එකඟයි කියලා තේරුම් ගත්තේ ඒකයි. රාජකාරිය භාර වුණු නිලධාරියා නොසැලකිල්ල මත හෝ සිතා මතා කතානායකතුමාව නොමග යැව්වේ ඇයි කියන කාරණය පිළිබඳ අනිවාර්රයෙන්ම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරික්ෂණයක් කළ යුතුයි.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment