කතාව පටලවා ගත් ඇමැති ගැන කනගාටුයි… පී.එච්.අයි. සංගමයේ සභාපති උපුල් රෝහණ

181

ගුවන්තොටින් පැමිණෙන ගුවන් මගීන් පිළිබදවත් ඔවුනගේ නිරෝධායන කි‍්‍රයාවලියන් පිළිබදව නිසි අවබෝධයකින් තමන් කළ ප‍්‍රකාශය නිසි ලෙස විග‍්‍රහ කර ගෙන එහි අඩුපාඩු සොයා මහජනතාව සුරක්‍ෂිත කරනු වෙනුවට සංචාරක ඇමැතිවරයා එය දැඩි ලෙස විවේචනය කරමින් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබ`දව තමන් කනගාටු වන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

ඉකුත් දිනක දී සංචාරක ඇමැතිවරයා කළ ප‍්‍රකාශය පිළිබ`දව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමින් එ් මහතා එ් බැව් පැවසීය.

එමෙන්ම එ් මහතා මෙසේද පැවසීය.

මේ දිනවල ලංකාවට වැඩි වශයෙන් පැමිණෙන්නේ ඉන්දියානුවන් හා ඉන්දුනීසියන් පිරිස්. එ් අයගේ එන්නත් සහතික හා පීසීආර් වාර්තා නිරෝධායන සහතික සියයට 100ක් නිවැරදි දැයි සැකයි. එම සහතිකවල ඇති ඩිජිටල් කේත ස්කෑන් කිරීම ස`දහා අදාළ උපාංග පවා පරීක්‍ෂා කරන නිලධාරීන් අත නැහැ. එමෙන්ම ගුවන් යානයේ හා ගුවන්තොටුපොළේදී ආසාදිතයකු සමගින් සමීප වුවහොත් ඔවුන් සිටින්නේ බීජෞසන සමයේ. එම නිසා රැගෙන එන වාර්තාවේ ආසාදිතයකු නොවුවත් පැමිණ දින කිහිපයකින් ආසාදිතයකු විය හැකියි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment