කතා රසයෙන් පිරි මුහුණු පොත ලේඛන එකතුවක්

175

මුහුණු පොතෙන් ඔබේ අතට / රත්නා කෝනාර
 කර්තෘ ප්‍රකාශනයක් (2022)


 මුහුණු පොත  (Face Book) සමාජ මාධ්‍ය ජාලා අතර ජනප්‍රිය ම හා ප්‍රබල ම සන්නිවේදන ප්‍රභේදය ලෙස ජනගත වී බොහෝ කල් ය. එහි සාමාජිකත්වය දරන්නෝ ලොව පුරා විසිරී පැතිරී සිටිති. සැණෙකින් ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෙත සමීප වීමට මෙන් ම එකිනෙකා අතර කතාබහ, ප්‍රතිචාර දැක්වීමේ පහසුකම ද මුහුණු පොත මිතුරු සමාජ සාමාජිකත්වය දරන්නන් සතු ය. රත්නා කෝනාර නම් ආධුනික ලේඛිකාව විසින් කාලයක් තිස්සේ මුහුණු පොතට ලියන ලද රචනා සමූහයක් මුහුණු පොතෙන් ඔබේ අතට කෘතියට නම් කෘතියට ඇතුළත් වී තිබේ. මුහුණු පොතට ම ආවේණික වාග් මාලාවක් භාවිත වන බව එය පරිහරණය කරන්නෝ දනිති. මුහුණු පොතට ලියන්නේ පෝස්ටු (චදිඑි) ය. ඒවා එල්ලන්නේ මුහුණු පොත බිත්තියේ (අ්කක) ය. මෙම පෝස්ටු අතර පුද්ගලික අත්දැකීම් සහිත කතා ද සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණ ද ඇතුළත් ව තිබෙනු දක්නට ලබේ. ඒවා සඳහා මිතුරු සමාජ දක්වන ප්‍රතිචාර ඛසනැි සංඛ්‍යාව මත එම පෝස්ටු හෝ නිර්මාණ සඳහා කැමැත්ත සලකා බැලේ. ඇතැම් පෝස්ටුවක් හෝ නිර්මාණයක් සඳහා දහස් ගණනින් කැමති බව දැක්වෙන ප්‍රතිචාර ද ලැබෙන බව දකින්නට ලැබේ. මුහුණු පොතෙන් ඔබේ අතට නම් කෘතියෙන් අප වෙතට සමීප වන ලේඛිකාව ලේඛනයට ආධුනික වූව ද දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වේදිකා නාට්‍ය කිහිපයක ම ගායනයෙන් හා ඇතැම් අවස්ථාවක රංගනයෙන් ද දායක වෙමින් අත්දැකීම් ලබා ඇති ගායිකාවකි. නිළියකි. රත්නා කෝනාර වේදිකා නාට්‍ය ක්ෂෙත්‍රයෙහි වඩාත් හොඳින් හඳුනන්නේ කරුණා රත්නසීලී ලෙස යැයි කීම නිවැරදි ය.

 ඈ පේරාදෙණි සරසවියේ ශිෂ්‍ය මාණවිකාවක්ව සිටිය දීම මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ හා සිංහබාහු නාට්‍ය ගායන වෘන්දයට එක්වන්නී ය. සරසවියෙන් උපාධිය දිනා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරිණියක වූ පසුව ද වේදිකා නාට්‍ය

 ගායනය හා රංගනය ආශ්‍රිත කලා නිර්මාණයන්ට දායක වෙමින් කලා ජීවිතය අත් නොහැර සිටි නිර්මාණකාරියකි. රත්නා විසින් මුහුණු පොතට වරින් වර ලියන ලද ඇගේ අත්දැකීම් මුල් කොට ගත් දීර්ඝ නිර්මාණාත්මක රචනා සමූහයකින් සුසැදි මුහුණු පොතෙන් ඔබේ අතට කෘතිය එකී අත්දැකීම් පසුබිම හා සෘජු සම්බන්ධයක් නොමැති පොදු පාඨකයනට වුව කියවා රස විඳිය හැකි කෘතියක් ලෙස රචනා කිරීමට ලේඛිකාව සමත් වී සිටීම ඇගේ ලේඛන හැකියාව පෙන්වන අවස්ථාවකි.

 කතුවරිය තම කෘතිය ආරම්භයේ දීම එහි ඇතුළත් රචනා පිළිබඳ මෙවැනි සටහනක් ලියා ඇත්තී ය. මේ කෘතියේ අන්තර්ගතය කුමක් ද යන්න පිළිබඳ මූලික හඳුනා ගැනීමකට හා මඟපෙන්වීමකට මෙම සටහන උපකාරී වන බැවින් එහි උධෘතයක් මෙහි දක්වමි.” මගේ ජීවිතය රවුම් බුරුත මේසයක් නම් එහි ශක්තිමත් කකුල් තුන වන්නේ 1. මහගෙදර (ගම හා පාසල) 2. පේරාදෙණි සරසවිය (සරච්චන්ද්‍ර නාට්‍ය අවස්ථා සරසවියේ ම දිගුවකි) 3. ශ්‍රී ලංකා මහ බැංකුව ය. මේ පොතේ එන පාත්‍ර වර්ගයා මේ රවුම් මේසයේම එන සජීවී ඇත්තන් ය”.

 බාල කාලයේ සිටම දෙමාපිය සොහොයුරු සොහොයුරියන්ගේ සෙවනෙහි ගත කළ කාලයේ සිට ම ඇගේ සිත ගමේ සුන්දර පරිසරය ආශ්‍රිතව, වැලිමඩ මධ්‍ය විද්‍යාලයෙහි ඉගෙනුම ලැබූ සමය දක්වා නාට්‍ය හා සංගීත කලාවන් කෙරෙහි වූ උන්මාදයකින් පසු වී ඇත. ඇගේ සොහොයුරා තුළ තිබූ නාට්‍ය ලෝලීත්වය කතුවරියට ද බල පෑ බව කියැවේ. රත්නා කෝනාර බාල කාලයේ අත්දැකීම් මුහුණු පොතට රචනා කොට ඇත්තේ සරල බවහර බසින් වීම පාඨක සිත ඊට ආකර්ෂණය වීමට හේතු වෙයි. පාසල් කාලයේ ඈ ලද ආදරය පිළිබඳ අත්දැකීමක් කතුවරිය මුහුණු පොතට ලියා ඇත්තේ මෙලෙසය. “දිනක් මං මිදුලේ ඉන්න විට, එහෙම ගිය තරුණයෙක් කඩදහියක් ගුලි කොට බිමට වැටෙන්නට සලස්වා ගියාක් මෙන් පෙනුණි. මා ඉක්මනින් එය දිගහැර බැලුවාම එහි ෂ කදඩැ හදම පහ ිඇැඑ යැ්රඑ.. කියා ලියා තිබෙනු දැක, ඒ තරුණයා දෙස හොරෙන් බැලුවෙමි. හොරගල් අහුලමින් වගේ සිටි ඔහු, මා කොළේ දුටු නිසාවෙන් සතුටුවනු පෙනුණි. කුසුම් හා මා කාමරේ දොර වසාගෙන, කොළේ හොඳට දිග හැර, යළි යළිත් කියවූවත් ිඇැඑ යැ්රඑ යන්න නොතේරුණි. නමුත් අනිත් තේරුණ නිසා යළි යළි බලමින් නුහුරු සතුටක් ලැබීමු” (52 න් පිටුව) උපන් ගමෙහි ගත කළ සුන්දර බාල කාලය පසුකොට පේරාදෙණිය සරසවියට ගොස් එහි දී සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට එක් වීමේ සිට ඈ ලද අත්දැකීම් සහිත රචනා මේ කෘතියෙහි අතිශයින් ම නිර්මාණාත්මක රචනා කාණ්ඩය ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.

 රත්නා කෝනාර නම් මුහුණු පොත ලේඛිකාව ඇගේ කෘතියේ අවසාන කාණ්ඩය වෙන් කොට ඇත්තී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරිනියක ලෙස බැංකු වෘත්තියට එක්වීමෙන් පසු ලද අත්දැකීම් විවරණයක් සඳහා ය. එහිදී, මහ බැංකුවේ 50 වන සංවත්සර උළෙලේ හී බැංකුව ආශ්‍රිත ඇගේ කලාත්මක හා නිර්මාණ දායකත්වය පිළිබඳ අභිරුචියකින් රචනා වූ ලිපි කිහිපයකි. බැංකුවේ ක්‍රීඩා හා කලා උළෙල මෙන් ම ඉහළ නිලධාරීන් සමග වූ රාජකාරිමය ගැටලු පිළිබඳව ද මෙම සටහන්වලින් තොරතුරු හෙළි වේ.

 ● බුද්ධදාස ගලප්පත්ති

advertistmentadvertistment
advertistmentadvertistment