කතෝලික අනන්‍යතාව හඳුනා ගනිමු

223

කතෝලික ධර්මය පිළිබඳව සොයා බැලීමේදී ගම්‍ය වන දෙයක් ඇත. එනම් එහි පවත්නා අනන්‍යතාවයි. කතෝලික ධර්මයට ආවේණික අනන්‍යතාවට පාදක වන්නේ දෙවියන් වහන්සේගේ ජීවමාන බවයි. එම ජීවමාන අත්දැකීම තුළින් එදෙස බැලීම දෙවියන් වහන්සේ අප වෙතින් බලාපොරොත්තු වන්නකි. එය උන්වන්සේගේ එ්කායන අභිමතයද වන බව අප අමතක නොකළ යුත්තකි. එලෙස වැටහෙන්නේ උන්වහන්සේගේ ප‍්‍රකාශන තුළින් කතෝලික දහමේ ස්ථාවරත්වය සුරැකෙන බවයි.

අහසත් පොළොවත් පහව යන්නේය. එහෙත් මාගේ වචන පහව නොයන්නේය යනුවෙන් කිතු සමිඳාණන් ප‍්‍රකාශ කර ඇත. එමෙන්ම මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි යනුවෙන්ද උන්වහන්සේ ප‍්‍රකාශ කළ සේක. එම ප‍්‍රකාශන දෙක පිළිබඳව විග‍්‍රහ කිරීමේදී අපට අවිවාදයෙන් පිළිගැනීමට සිදුවන්නේ කතෝලික අනන්‍යතාව තුළ පවත්නා ශක්තිමත් අඩිතාලමයි. මෙය කිසිදු විටෙක බිඳ හෙළිය නොහැකි දෙයකි. නිදසුනක් ලෙස කතෝලික දහම තුළ පවත්නා අද්විතීය බව පසක් කරන තවත් ඉගැන්වීමක් ඇත. එනම් ජේසු ක‍්‍රිස්තුන්වහන්සේගේ උත්ථානයයි. එයද කතෝලික ධර්මය තුළ තිබෙන විශිෂ්ටත්වය සනාථ කරන්නක් වැන්න.

යථාර්ථය එය වුවද කතෝලික ධර්මයට හා කතෝලික සභාවට වර්තමානයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇත. එයින් ප‍්‍රබල අභියෝගයක් ලෙස මූලධර්මවාදය හඳුන්වා දීමට පුළුවන. මූලධර්මවාදීන් කරන පදනම් විරහිත ඉගැන්වීම්, තර්ක බිඳ දමා කතෝලික දහම තුළ පවත්නා අනන්‍යතාව සුරැකීමට කාලය එළැඹී ඇත. කතෝලික සභාවට විකල්පයක් වශයෙන් බිහිවී තිබෙන මූලධර්මවාදී සභාවන්වලට කිසිදු අවස්ථාවක සමාන වීමට නොහැකි බැව් තේරුම් ගත යුතු කරුණකි.

මලින්ත බෝපෙආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment