කථානායකගෙන් අවවාදයක්

458

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇති අදහස් ප්‍රකාශකිරිමේ උපරිම නිදහස  අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන ඇතැම් මන්ත්‍රිවරු අදහස් දැක්වීමෙන් තමන්ට ඡන්දය දුන් ජනතාවට අගෞරවයක් සිදුකරන බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

බහුතරයක් මන්ත්‍රිවරු සෑම අවස්ථාවකම  විරෝධය පෑම සුදුසු හා සාධාරණ යැයි ඇතමුන් සිතුවත් රට එය අනුමත නොකරන බවත් මෙමගින් හානි වන්නේ එම මන්ත්‍රීවරුන්ගේම ගෞවරය බවත් අබේවර්ධන මහතා කීවේය.

මෑත කාලිනව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ නොමනා හැසිරීම් ප්‍රදර්ශනය කරන අවස්ථා ඉහළ ගොස් තිබෙන බවද මේවා නීති ගෙන එමින් පාලනය කිරීමට කිසිදු අදහසක් නොමැති බවද ඒ මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment