කථානායකට විපක්‍ෂය දුන් ලිපියට මොකද වුණේ හර්ෂණ රාජකරුණා ප්‍රශ්න කරයි

106

මෙරට ආර්ථිකයට 2019න් පසු සිදු වූ ගැටලුකාරී තත්ත්වය ගැන විමර්ශන කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර කථානායක වෙත භාර දුන් ලිපියට සිදු වූයේ කුමක් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02දා) විමසීය.

අදාළ යෝජනාව භාර දී මාසයකට වැඩි කලක් ගත වුවද මේ වන තුරුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි කී රාජකරුණා මහතා ආර්ථිකය සම්බන්ධයෙන් මූලිකවම වගකියන ස්ථානය වන පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගත යුතු බව ද පැවසීය.

එහි දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ අදාළ යෝජනාව පක්ෂ නායකයන්ට යොමු කර තිබෙන බවය. පක්ෂ නායකයන් කතා කර තීන්දුවක් ගනු ඇති බව ද ඔහු කීවේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment