කථානායකවරයා රූකඩයක් නොවී ව්‍යවස්ථානුකූල අර්බුදය විසඳන්න – හෙක්ටර් අප්පුහාමි (සජබ)

106

මැති සබය ප්‍රමාද නොකර කැඳවන්න

රාජපක්‍ෂ න්‍යාය පත්‍රය තවත් ගේම් එකක් ගහන්නට පෙර කථානායකවරයා රූකඩයක් නොවී පාර්ලිමේන්තුව ප්‍රමාද නොකර ව්‍යවස්ථානුකූලව කැඳවා පාර්ලිමේන්තුවෙන් මේ ගැටලුව විසඳන්න අවස්ථාව උදා කරදෙන්න හැම පක්‍ෂයක්ම එකතුවී සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් තුළින් මේ අර්බුදය විසඳගනිමු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා,

අද වන විට රට ඉතාමත් භයානක තැනකට යමින් වගේම රාජපක්ෂ පවුල විසින් ඊට වඩා භයානක තැනකට තල්ලු කරමින් සිටිනවා. මේ රටේ අරගලයක් තිබෙනවා ඒ ගැන කවුරුත් හිතන්නේ ගෝල්ෆේස් එකේ අරගලය කියලා. ඒ විතරක් නෙමෙයි සමස්ත රටේම ජනතාව පෝලිම්වල දුක් විඳගෙන මැරිලා වැටෙනවා, කන්න නැතුව, පොහොර නැතුව, ගෑස් නැතුව, තෙල් සියල්ලම නැතිව දුක් විඳින මිනිස්සු සෑම ගෙදරකම සෑම ගමකම අරගල කරනවා. මේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට තමයි සමස්ත රටේ ජනතාව බහුතරයක් 09 වැනිදා කොළඹට ආවේ. විශේෂයෙන්ම සමගි ජන බලවේගය විදියට එයට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වෙන කවුරුත් නිසා නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන රට ආරක්ෂා කරගෙන ජනතාව ජීවත් කරන්න ඕන කරන වැඩපිළිවෙළ සිදු කරන්නට. අපිට වගකීමක් තියෙනවා අපි එය ඉෂ්ට කළා.

එදා ජනතාව ඇවිත් මොනවද කිව්වෙ රනිල් – ගෝඨාභය දෙන්නටම වහාම පලයන් කියලා. එසේ යන්න කිව්වේ ඇයි ඒ දෙන්නා මේ රට සම්පූර්ණම කඩා වට්ටලා විනාශ කරලා, රට අන්ත දුගී දුප්පත් තත්ත්වෙට පත් කරපු නිසා. ඒ විතරක් නෙමෙයි ඇයි ගෝඨාභයට යන්න කියද්දී රනිල්ටත් යන්න කියන්නේ වෙන කාරණාවක් නිසා නෙමෙයි රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න ආරක්ෂකයෙක් හැටියට ආපු නිසා. ඒ නිසා එතුමා දැනගන්න ඕන දැන් අග්‍රාමාත්‍ය ධුරය ඉඳගෙන ජනාධිපති විදියට වැඩ බැලුවට සමස්ත රටේ ජනතාවගේ කිසිම කැමැත්තක් ආශිර්වාදයක් එතුමාට නැහැ. කථානායකතුමාට මේ මොහොතේ විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා රටත් ජනතාවත් එක්ක තවදුරටත් සෙල්ලම් කරන්න එපා. වහාම ඔබතුමාට තියෙන බලයත් එක්ක ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරන ගමන් රටේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙළ හරියට කරන්න. ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් සහ කතා කිරීම් නිසා රට ගිනි ගන්න පුළුවන්. ඒ නිසා මාධ්‍ය හරහා ඇවිල්ලා කතා කරද්දී වගකීමෙන් කතා කරන ලෙස ඉල්ලා සිටිනවා.

ජනාධිපති තාමත් ජනාධිපති විදියට ඉඳගෙන තවත් රූකඩයෙක් ජනාධිපති විදියට පත් කරලා බලය පවරා ගෙන ඒ බලය මේ රටේ අහිංසක ජනතාව මැඬපවත්වන්න පාවිච්චි කරන්න හදනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment