කන්ටේනර් දහසක් වරායේ හිරවෙලා… කර්මාන්තකරුවෝ අසීරුවට

138

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු දේශීය කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසකට ආසන්න ප‍්‍රමාණයක් තාමත් කොළඹ වරායෙන් නිදහස් කරගත නොහැකි වීමෙන් දේශීය කර්මාන්ත කරගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි දේශීය කර්මාන්තකරුවෝ හෙළිකර සිටිති.

ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් වාණිජ්‍ය බැංකු වෙත ඩොලර් මුදාහැරීමට යම් යම් පියර ගනිමින් සිටින බවට වාර්තා වී ඇතැයි ද එලෙස ඩොලර් මුදාහැරීමේ සාර්ථකත්වය පිළිබඳ තව දින දෙකකින් පමණ යමක් ප‍්‍රකාශ කළ හැකි යැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා ‘‘දිවයින’’ට පැවසීය.

මේ වනවිට විදෙස් රටවල විවිධ රස කැවිලි ඇතුළු ආහාර පාන විශාල ලෙස මෙරට වෙළෙඳ පොළට පැමිණ ඇති අතර ඒවා මෙරටට ගෙන්වීම සඳහා විශාල ලෙස ඩොලර් වැය කරන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. නමුත් දේශීය කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වරායේ සිරවී තිබීමෙන් දේශීය කර්මානත බිඳ වැටී රැුකියා අවස්ථා අහිමිව යෑමේ අනතුරක් නිර්මාණය වී ඇතැයි ද අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයන කරන ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ම ‘‘දිවයින’’ට කියා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment