කන්ටේනර් ලිහන්න බන්දුල බහියි

115

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

මෙම කන්ටේනර් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පෙරේදා (16 දා) වෙළෙඳ ඇමැතිවරයා සම`ග පැවැති සාකච්ඡුාවේදී ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත.

සහල්, සීනි, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කරගැනීමට ඩොලර් මිලියන 25 ක් බැංකුවලට නිදහස් කිරීමට ඇමැතිවරයා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡුා කර ඇත.

සහල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කරගැනීමට ඩොලර් මිලියන 25 ක් බැංකුවලට නිදහස් කෙරෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

අවශ්‍ය ඩොලර් කඩිනමින් නිකුත් කිරීම සඳහා මැදිහත්වීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව සූදානම් බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

ඩොලර් හි`ගය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් දහසකට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment