කන්තලේ දිසා අධිකරණය පිටුපස දැවැන්ත පිඹුරෙක්:

347

වනජීවිය මෙහෙයුමක කිව්වා… අපි යනකොට නිලධාරීන් කාර්යාලයේ හිටියා – ජනතාව චෝදනා නගති

කන්තලේ දිසා අධිකරණය පිටුපස සිටි දැවැන්ත පිඹුරකු රාත‍්‍රි 8 ට පමණ අසල්වාසීන් විසින් අල්ලා වන ජීවියට භාරදී ඇත. පිඹුරා අල්ලා ගැනීම සඳහා වන ජීවියට දැනුම් දුන්නද ඔවුන් මෙහෙයුමකට ගොස් ඇති බව පැවසූයෙන් ගම්වාසීන් එක්ව පිඹුරා අල්ලා මල්ලකට දමා වන ජීවියට රැගෙන ගොස් ඇත.

අසල්වාසී කෝකිල මහතා, දින දෙක තුනක් තිස්සේ පිඹුරා අවට ගැවසුණා. මේ ගැන කීප විටක්ම වන ජීවියට දැනුම් දුන්නත් ආවේ නැහැ. ඔය කියන දවසේත් රාත‍්‍රියේ නැවතත් පිඹුරා ගෙවල් ඉස්සරහ ඉන්නවා දැක්ක නිසා අපි වන ජීවියට කතා කළා. ඒ වෙලාවේ ඒ අය මෙහෙයුමකට ගිහිල්ලා කීව නිසා අපි එකතුවෙලා පිඹුරා ලොකු වෙහෙසක් අරගෙන අල්ලා මල්ලකට දාගෙන බයිසිකලයකින් වන ජීවී කාර්යාලයට අරගෙන ගියා.

මෙන්න බොලේ ඒ යනකොට වාහනෙත් තියෙනවා.

නිලධාරිනුත් තුවා ඇඳගෙන සින්දු දාගෙන ජැන්ඩියට ඉන්නවා. අපි අරගෙන ගිය මල්ල කූඩුවකට විසිකරලා ස්තූතියක් වත් නොකර හිටියා. අසල්වැසියකු වන සම්පත් මහතා, මේ ගොල්ලන්ට කාර්යාලයේ ඉඳලා මෙතනට එන්න විනාඩි 2 ක්වත් යන්නේ නැහැ. මෙහෙයුමකට ගියත් ආපසු එන ගමන් එන්න පුළුවන්. අපි නම් හිතන්නේ මෙහෙයුමකට ගියා කීවේ බොරු. එයාලා පාටියක හිටියා වගෙයි පෙනුණේ. මේ පිඹුරාගෙන් ලොකු විනාශයක් වෙන්න තිබුණා. පොඩි ළමයි නිතර ගැවසෙන තැනක තමයි ඌ හිටියේ. අඩි 10 කට වැඩිය විශාලයි. මෙම පිඹුරා රැුගෙන ගොස් කන්තලේ රක්ෂිතයට මුදා හැරිය බව වන ජීවිය පැවසීය.

කන්තලේ – ඩබ්.එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment