කන්තලේ වැව් බැම්මේ ඇවිදින මං තීරුවට වෙන් කළ මිලියන 18.5 මූතූර් නගර සංවර්ධනයට

550

දැයක් නගන සියක් ව්‍යාපෘතිය යටතේ මූතූර් නගරයේ ඇවිදින මං තීරු සකස් කිරීම හා නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය(11) දා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කපිල නුවන් අතුකෝරළ මහතාගේ ප‍්‍රධානතවයෙන් මූතූර් නගරයේදී ඇරඹිණි.

කන්තලේ වැව් බැම්මේ ඉදිකිරීමට යෝජිත වූ ඇවිදින මං තීරුවට පසුගියදා ගොවි සංවිධාන වලින් එල්ල වූ විරෝධය හේතුවෙන් එය නවතා දැමීමට තීරණය කළ අතර එම ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 18.5 ක මුදල් මෙසේ මූතූර් නගර සංවර්ධනය සඳහා යොදා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් සමන් දර්ශණ පාඬිකෝරළ, නාගරික සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ ජගත් ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කන්තලේ – ඩබ්.එම්. වික‍්‍රමසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment