කන්තලේ සහ ත්‍රිකුණාමලය කලාපවල ගුරු විදුහල්පති ලෙඩ නිවාඩු නෑ

16

දරුවෝ නියමිත ලෙස පාසල් අධ්‍යාපනයේ නිරත වෙති

ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති එකමුතුව ලෙඩ නිවාඩු දැමීමට ඊයේ (30දා) තීරණය කළ බවට ප්‍රචාරයක් පැතිර තිබුණි. කන්තලේ, ත්‍රිකුණාමලය යන කලාපවල සිසු දැරියන්ගේ හා ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීමේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව පාසල් බලධාරීන් අප සමග පැවසීය.

දිස්ත්‍රික්කයේ සිංහල, දමිළ සහ මුස්ලිම් පාසල් සියල්ලගේම තත්ත්වය සතුටුදායක බවත් පාසල්වල ආරම්භ කළ වාර විභාගයට සියලුම දරුවන් පෙනී සිටිමින් ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment