කන්දකාඩුවලින් පැන්න ඉතිරි 11ත් සුංගාවිලදී කොටු

47

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පෙරේදා රාත්‍රී සිදුවූ ගැටුමෙන් පසු පළාගිය රැඳවියන් 11 දෙනෙකු ඊයේ උදේ පොලිස් නිලධාරීන් විසින් කරන ලද හදිසි මෙහෙයුමකදී සුංගාවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගැටුමෙන් පසු පලායෑමට තැත්කළ මෙම රැඳවියන් පුලස්තිගම, මීගස්වැව යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධක යොදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතා පැවසීය. පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැඳවියන් නැවත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත බාරදෙන බවද පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතා පැවසීය.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

 

advertistmentadvertistment
advertistmentadvertistment