කන්දකාඩුවෙන් පැනගිය  28 ක් තාමත් අතුරුදන්

77

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය තවත් 28 ක් ඊයේ (03 දා) වන විටත් සොයාගෙන නැතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියකු මියයෑමේ සිද්ධියක් මුල්කරගෙන එහි රැඳී සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 997 දෙනාගෙන් 730 ක් පළාගොස් තිබිණි. ඉන් 702 ක් වැලිකන්ද සහ පොළොන්නරුව පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර කිහිපයක රැඳවීමට කටයුතු කර තිබේ.

රැඳවියා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සහ යුද හමුදා නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ හමුදාව මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment