කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය විසඳුමකින් තොරව අවසන්

176

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැති 115 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.

 ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැති මෙම තරගය පසුගිය 23 සහ 24 දෙදින මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 පළමුවෙන් පන්දුවට පහර දුන්  කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 127ක් රැස් කළේය.

 ධර්මරාජ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 269ක් රැස් කළේය. ඒ අනුව ධර්මරාජ පළමු ඉනිමට ලකුණු 142ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ කිංග්ස්වුඩ් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 199ක් රැස් කළේය.

 ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේදී හිමි වූ ලකුණු 58ක ඉලක්කයක් හඹා ගිය ධර්මරාජ කණ්ඩායම දිනය අවසානයේදී පන්දු වාර 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 31ක් ලබා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment