කන්න දියව් කියමින් මව්වරුන් පාර්ලිමේන්තුව වටලන දිනය වැඩි ඈතක නොවෙයි

128
  • දමිතා අබේරත්න කියයි

අරගලයේ අරමුණු ඉටුකරන ඉල්ලීම්වලට කන්දෙන අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමක් සමග කටයුතු කිරීමට තමා සූදානම් යැයි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක මෙන්ම රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න මහත්මිය “දිවයින”ට පැවසුවාය.

බඩගින්නේ සිටින මව්වරු කන්න දියව් පවසමින් තම දරුවන් අතැතිව පාර්ලිමේන්තුව වටලන දිනය වැඩි ඈතක නොවන බවත් එදිනට තමන්ද එම මව්වරුන් සමග සිටගන්නා බවත් ඇය කියා සිටියාය.

ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවක් මේ තිනේනේ. රාජ්‍ය ඇමැතිවරයෙකු නඩත්තු කරන්න ලක්‍ෂ 28ක් වියදම් කරනවා. මොනතරම් අපරාධද මේවා. තවත් ලැජ්ජා නැතුව මැති ඇමැතිවරුන් පත් කරනවා.

අද පාසල් යන දරුවන්ට හරියට කෑමක් නැහැ. සමහර දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්නේ පල්හොරු ටිකක්. මහ බැංකුව හොරාකාපු අය නිදැල්ලේ ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්න ගැන හඬනගනකොට අරගලකරනකොට අපි ත්‍රස්තවාදීන් කියලා පැහැරගෙන යනවා.

රටේ ජනතාව දැන් ඉන්නේ කෝපයෙන්. මුළු රටම කොයි වෙලාවක හරි ඇවිළෙයි. එතකොට අමුතුවෙන් අපිට අරගල කරන්න ඕනේ නැහැ. රටම එනකොට ඔය ආණ්ඩුවේ උන්දැලාට යන්න පාරවල් නැතිවේවි.

advertistmentadvertistment
advertistmentadvertistment