කන්පෙති මත රෝම කූප ඇත්නම් සැලකිලිමත් වන්න

316

හෘදයාබාධයකට මුහුණ දෙන්නේ නොසිතූ ලෙසය. එසේ හෘදයාබාධයකට ලක්වූවන් බොහෝ දෙනා පවසන්නේ අපේ පවුලේ කිසිවකුටත් හෘදයාබාධයක් වැළඳී නැති බවය.

නමුත් හෘදයාබාධ ඇතිවීමට ජාන පරම්පරාවට බලපාන බව හෙළි වී ඇත. එනම් තම දෙමාපියන්ට හදවත් රෝගයක් මතුව නොතිබුණත් ආච්චි හෝ සීයා හෘදයාබාධයකට ලක්වූ අය නම් ඊට බලපෑ ජාන මුණුබුරන්, මිණිබිරියන්ට බලපෑ හැකිය.

මෙම ජාන බලපෑම සිදුවිය හැකි අයගේ සිරුරේ බාහිර ලක්ෂණ කිහිපයක් මතු වේ. එනම් කන්පෙතිවල ඇල ඉරක් තිබීම සහ කන්පෙතිවල අධික රෝම තිබීමය.

ඊට අමතරව සම මතුපිට කොලෙස්ටරෝල් තැන්පත්ව කහ පැහැති හඩු මතුවේ. මෙම හඩු සම මත පැහැදිලිව දැකගත හැකිය.

වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ගේ ඇසේ කළු  ඉංගිරියාව වටා සුදු පැහැති අඩ සඳක් දැකගත හැකි වේ.

මෙවැනි ශරීර ලක්ෂණ ඇති පුද්ගලයන් තම පවුලේ සමීප ඥාතියකුට හෘදයාබාධයක් වැළඳී ඇත්නම් වඩා සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් හෘදයාබාධ වැළඳීමේ වැඩි හැකියාවක් කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්ට ඇති බව හෙළි වී ඇත.

හෘද රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment