කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාව ජය ගත්තෝ

38

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් 11 වැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය අවුරුදු 11න් හා 13න් පහළ ලෙස සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැත්විණි.

මෙම තරගාවලිය සඳහා නැගී එන තරගකරුවන් 100 කට වැඩි සංඛ්‍යාවක් තරග වැදුණු අතර එහිදී ඉහළ දස්කම් ප්‍රදර්ශනය වූ බවත් සංගමයේ ක්‍රීඩා කමිටු සභාපති ජේ.එස්. ඒ. ප්‍රනාන්දු මහතා පැවසීය.

අවසාන තරගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ සභාපතිනි නීතිඥ නිලානි මන්ත්‍රීනායක මහත්මිය සහභාගි විය.

තරගයේ අවසන් ප්‍රතිඵල

11 න් පහළ බාලක ශූරතාව

නිසිර මෙන්ඩිස්

අනු ශූරතාව – මනුල් ප්‍රනාන්දු

11න් පහළ බාලිකා ශූරතාව – දුලා නවේසරී බටදූවආරච්චි

අනුශූරතාව කේ. රෝමාෂා ෆර්ඩිනැන්ඩු

13 න් පහළ බාලක ශූරතාව – එච්. උදාන් සෙත්මින පීරිස්

අනුශූරතාව – සනිර මෙන්ඩිස්

13 න් පහළ බාලිකා ශුරතාව -මෙනාරා සෙතුලි

අනු ශූරතාව – මෙතුකි නෙතායා

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ආරාධිත අමුත්තන් හා නිලධාරීන් ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment