කනෙන් සැරව ගැලීම නැති කරන හැටි

3394

ප‍්‍රශ්නය – කනෙන් ශ‍්‍රාවයක් හෙවත් සැරව ගැලීමේ තත්ත්වය ගැන පසුගිය සතියේ අප සාකච්ඡුා කළා. මෙම රෝග තත්ත්වයට අත් බෙහෙත් තිබෙනවාද?

 ආචාර්ය වෛද්‍ය ප‍්‍රියානි පීරිස් – උගුර, කන, නාසය, ඇස, මුඛය, ගුද මාර්ගය හෝ මුත‍්‍ර මාර්ගය යන ප‍්‍රදේශවල හටගන්නා රෝග තත්ත්වයන් හිදී අත් බෙහෙත් කිරීම ඉතාම භයානක කාර්යයක්. වැටීමක්, තැලීමක්, සීරීමක්, වැනි දෙයකදී අත්බෙහෙත් යෙදීම එතරම් ප‍්‍රශ්නකාරී දෙයක් නොවුණත් කොන්දේ අමාරුවක් වැනි අබාධයකට පවා අත්බෙහෙත් දීම කිසිසේත්ම සුදුසු නැහැ. එයට හේතුව මෙම තැන් ඉතා පහසුවෙන් ආසාදනයවී රෝගියා

 විනාශ මුඛයට යෑමට ඉඩ ඇති නිසයි. කනේ අමාරුවට කන තුළට තෙල් වර්ග දැමීම සහ වෙනත් දේවල් ඇතුළු කිරීම ඇතැම් අය කරනවා. මෙයත් ඉතාම නරකයි. කනට පිටතින් ඇතුළු කරන යමක් කන තුළ හිරවුණොත් රෝගියා මහත් දුකට පත්වෙනවා. සාමාන්‍යයෙන් කර්ණ රෝගියකුගේ කනේ සැරව පිරී තිබෙන විට එම කන මහපොළොව දෙසට හරවා රෝගියා  හිටගෙන හිටියොත් පෘථිවියේ ගුරුත්වය මගින් එම ශ‍්‍රාවය පිටතට අදින අවස්ථා තිබෙන්නට පුළුවන්.

 ප‍්‍රශ්නය – රෝගයකට ප‍්‍රතිකාර කිරීමට වඩා සුදුසු වන්නේ එම රෝගය වැළඳීමට බලපාන සාධක වලින් ඈත්ව සිටීම බවට කියමනක් තියෙනවා. කනේ සැරව හටගැනීමේ රෝගය ඇති නොවීමට අප කුමක් කළයුතුද?

කනෙන් සැරව ගැලීම නැති කරන හැටි

ආචාර්ය වෛද්‍ය ප‍්‍රියානි පීරිස් –

 1.කන තුළට පිටස්තර දේවල් ඇතුළු කරන්න එපා. පෑන්, ගිනිකූරු, කොණ්ඩ කටු, ඇල්පෙනෙති යනාදිය කන තුළට දමා කන කසන විට හෝ කන පිරිසිදු කරන විට කන් බෙරය සිදුරුවීමට ඉඩ තිබෙනවා.

 2.අධික ශබ්ද වලට ඔබේ කන නිරාවරණය වීම වැළැක්විය යුතුයි. අධික ශබ්ද පවතින තැනක දිගු වේලාවක් සිටීමට ඔබට සිදුවනවා නං ඉයර් ප්ලග් පාවිච්චි කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි.

 3.ඔබේ කන නිතරම වියළිව තබා ගත යුතුයි. කන තුල ජලය රැුඳීම නිතර සිදුවෙනවා නම් දරුණු ආසාදන ඇතිවිය හැකියි. එබැවින් නෑම හෝ පිහිනීම යන තත්ත්වයන් තුළ දී කනට වතුර යෑම වැළැක්වීමටත් කන තුළට වතුර ගියේ නම් පිරිසිදු කපු පුළුන් මගින් තෙත මාත්තුකර කන් වියළිව තබා ගැනීමත් සිදු කළ යුතුයි.

 4.දරුවන්ට හැකි උපරිම කාලයක් මවුකිරි ලබදීමෙන් එම දරුවනට කර්ණ රෝග හටනොගන්නා බවට පිළිගැනීමක් තිබෙනවා. එයට හේතුව මවගේ ශරීරයේ තිබෙන ප‍්‍රතිදේහ මවුකිරි හරහා දරුවාට ලැබීමයි.

 නොමිලේ විස්තර සඳහා 0766739977

advertistmentadvertistment
advertistmentadvertistment