කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුරේ මංගල්‍යය 20 වැනිදා

310

(ලබන 20 වැනිදා පැවැත්වෙන කඳාන ශා. සෙබස්තියන් මුනිතුමාගේ මංගල්‍යය නිමිත්තෙනි.)

මෑත ඉතිහාසයේ වාර්ෂික මංගල්‍යය පෙරහරේ වැඩමවා ගෙන යනු ලබන සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ පිළිරුව ආශ්චර්යවත් අන්දමින් ලැබුණු ආකාරය පිළිබඳ පුරාවෘත්තය මෙසේය.

එක්තරා පුද්ගලයකු ජාතිකයකු කොළඹ පදිංචි සිය නෑයන් බැලීම සඳහා ඉන්දියාවේ සිට පැමිණ ඇත. ලංකාවේදී විකුණා මුදල් උපයා ගැනීම සඳහා ඔහු පැමිණ ඇත්තේ, සාන්ත සෙබස්තියන් පිළිරුවක් ද රැගෙනය. ඔහු ගොඩ බැස ඇත්තේ කල්පිටියටයි. තමා ‘මැලේරියා’ රෝගයෙන් පෙළුණු අවස්ථාවේදී වූ ‘භාරයක්’ ඉටු කිරීම සඳහා ඔහු තලවිල සාන්ත ආනා මුනිතුමියගේ දෙව්මැඳුරේ මාසයක් රැඳී සිට කොළඹ බලා පිටත් වී ඇත.

සාන්ත සෙබස්තියන් මුනිතුමාට කැප වුණු දෙව්මැඳුරක් තිබුණ ද, එම දෙව්මැඳුරට එතුමාගේ ප්‍රතිමාවක් නොමැති බව ඔහු කඳාන පසු කර යද්දී දැන ගන්නට ලැබී ඇත. ‘කල දුටු කල වළ ඉහ ගැනීමේ’ පරමාර්ථයෙන් දෙව්මැඳුරට පිවිසි ඔහු තමා වෙත ඇති පිළිමය පතාග 75 කට විකුණන බව දෙව්මැඳුරේ සිටි බැතිමතුන්ට පවසා ඇත. ඒ අතර ඔහු ගේ සිත මහත් විපර්යාසයකට ලක්ව ඇති බවකි, පසුව ඇති වුණු සිද්ධීන්ගෙන් හෙළි වනුයේ, දේවස්ථානයේ පාලක ජෝකීනු ඇල්බැර්තෝ පියනම ඒ අවස්ථාවේ එහි සිට නැත. එබැවින් ඒ අවස්ථාවේ එහි සිටි එලාරිස් අමරතුංග මුහුප්පුරාල ප්‍රමුඛ අන්නවිරාලවරුන් වහා කථිකා කර ගෙන, අවශ්‍ය මුදල් එකතු කිරීම අරඹා ඇත. තමා කොළඹ යන නිසා එතරම් විශාල මුදලක් තමා සන්තකයේ තබා ගෙන යෑම නුසුදුසු බවක් පවසා ඇති ‘පිළිරුව හිමි මඟියා’ තමා ආපසු එන ගමනේදී මුදල් ලබා ගැනීමට එන බව පවසා ප්‍රතිමාව භාරදී පිටත් වී ඇත. එහෙත් තමාට හිමි මුදල හෝ සාන්ත සෙබස්තියන් පිළිරුව හෝ ලබා ගැනීම සඳහා ඔහු ආපසු පැමිණ නැත. සාන්ත සෙබස්තියන් පිළිමය එම දෙව්මැඳුර සතු වීමේ ආශ්චර්යජනක සිද්ධිය පුරාවෘත්තයේ සඳහන්ව ඇත්තේ එලෙසිනි.

ක්‍රි. ව. 2006 ජනවාරි මස 19 වන දින, එවක කොළඹ අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් විසින් නිකුත් කරන ලද විශේෂ සංදේශයකින් ‘කඳානේ සාන්ත සෙබස්තියන් දෙව්මැඳුර’ සුවිශේෂී පූජනීය ස්ථානයක්’ :ීයරසබැ* බවට ප්‍රකාශ කරණු ලැබිණ. එම ප්‍රකාශනය උන්වහන්සේ විසින් එවක කඳානේ මීසම් පාලක සුසිල් පෙරේරා පියතුමාට භාර දෙනු ලැබුවේ උත්සවශ්‍රීයෙනි.

අනුනායක නෙවිල් පෙරේරා පියතුමා විසින් ක්‍රි. ව. 2014 ජනවාරි 12 වැනි දින පාදුවා නගරයේ සිට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමාගේ හස්ත ධාතුව කටුනායක ගුවන් තොටුපළේ සිට වැඩම වන ලද්දේ, දසදහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ගරු බුහුමන් මධ්‍යයේය. කොළඹ අගරදගුරු අත්‍යුත්තම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් දිව්‍ය පූජාවෙන් අනතුරුව දසදහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා උක්ත හස්ත ධාතුව කඳානේ සාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ තැන්පත් කරන ලදී.

එම සිද්ධස්ථානය කරා දසදහස් සංඛ්‍යාත බැතිමතුන් පැමිණෙන්නේ ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන් කෙරෙහි ඇති අකංලක භක්තියත්, ඉමහත් විශ්වාසයත් නිසාය. ලලිත් එක්ස්ප්‍රෙඩිෂස් පියතුමාගේ අනුශාසකත්වයෙන් සහ සහායක පියතුමන්ලා වන දිලිප් චාල්ස් හා සුමේධ පැතුම් යන පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් මෙවර මංගල්‍යයේ සියලු සංවිධාන කටයුතු මැනවින් සිදු වෙමින් පවතී. සන්ධ්‍යා මෙහෙය කොළඹ අගරදගුරු අත්‍යුත්ම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත්, මංගල්‍ය මහා දිව්‍ය යාගය සහායක රාජගුරුප්‍රසාදි ඇන්තනි ජයකොඩි හිමිපාණන් විසින් පවත්වනු ලැබීමටත් නියමිතය.

ගොඩ්ෆ්‍රි කුරේ
ජාතික කතෝලික ලේඛක සංගමයේ සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment