කඳුකර කොටියාගේ මරණය ගැන පරීක්ෂනයක්

152

හැටන් සමර්හිල් වතුයායේ තේ වත්තක දී සිදු වූ කඳුකර කොටියාගේ මරණය සිදු වු ආකාරය සම්බන්ධව වහාම විමර්ශණයක් කරන ලෙස කෘෂිකර්මල වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දී ඇත.

දඩයක්කරුවෙකුගේ මන්දකට හසුවී සිටි මෙම කඳුකර කොටියා අසල තිබු යුකැලිප්ටස් ගසකට නැඟ සිටිය දී මන්ද එම සත්වයාගේ ඉණ ප්‍රදේශයෙන් තද වී ඇති අතර එම සතාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරා ගැනීමට අවස්ථාව තිබිය දී වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළිම නිසා ඊට යට වී කොටියා මරණයට පත් වු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment