කඳුරටට ආයෙත් කොටි බියක්

536


නෝටන්බ්‍රීජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය, පතන හා ඩබල්කටින් යන ප්‍රදේශ වල මේ දිනවල සැරිසරණ කඳුකර කොටියන් නිසා තමන් දැඩි බියකට පත්ව සිටින බව එම ගම්මානවල ජනතාව පවසති.
නිවෙස්හි ඇතිකරන සුනඛයින් රැසක් අතුරුදන්ව ඇති බව පවසන මෙම ජනතාව ඇඳිරි වැටීගෙන එන අවස්ථාවල මෙම කඳුකර කොටියන් ගම්මානයේ හා මාර්ගවල සැරිසැරීම නිසා පස්වරු 06.00 න් පසුව නිවෙස් වලින් පිටතට යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කියා සිටිති.
මෙම ගම්මානවල ගම් වැසියන් කීප දෙනෙක් කොටියන් දැක ඇති බවත් පවසති.
මේ සම්බන්ධව වනජීවි නිලධාරීන්ගේ කඩිනම් අවධානයට ලක්විය යුතු බව ප්‍රදේශයේ ජනතාව අවධාරණය කර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment