කඳ සුරිඳු පිහිට ලබන්න සෙත් කවියක්

308

කතරගම දෙවිඳුන් තරම් අපේ රටේ බැතිතුන් අතර විශ්වාසයටත් ගෞරවයටත් ඇඳහීමටත් පාත‍්‍ර වූ වෙනත් දේවාත්මයක් නැති තරම්ය. ජාති කුල මල ආගම් භේද සියල්ලෙන්ම දුරුව තමන් වෙත පිහිටපතා එන සියලූම බැතිමතුන් කෙර් අනුකම්පා සහගතව ආශිර්වාදය ලබා දීම ඊට ප‍්‍රධාන හේතුවය. එබැවින් අල්පේච්ඡු වූ බොහෝ දෙවි දේවතාවුන් අතර කතරගම දෙවිඳුන් හෙවත් ස්කන්ධ කුමරුන් කාම සුඛල්ලිකානු යෝගය බැහැර නොකළ දේවාත්මයක් ලෙස සැලකේ.

රුහුණු පුරවරයට අධිගෘහිත දෙවියන් ලෙස සැලකුණ ද මුළු මහත් ලංකාව පුරා සතර දෙසින් විවිධ වූ දුක්ඛදෝමනස්සයන් නිරාකරණයකර ගැනීම පිණිස තම පිහිට පතා විශ්වාසයෙන් පැමිණෙන ඕනෑම කෙනෙකුට ඉතා සාර්ථක නිවැරදිව විසඳුම් ලබාදීම උන්වහන්සේ සතු සුවිශේෂිම ගුණාංගය වේ.

ඈත අතීතයේ සිට ම දේශය සුරැකීමේදී බුදුදහම ආරක්‍ෂා කිරීමේ ද ප‍්‍රයත්නයන් සඳහා ඇප කැප වූ දේශයේ නර විරුවන්ට ස්කන්ධ දිව්‍ය රාජයා හෙවත් කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාදයත්, ආරක්‍ෂාවත් ශක්තියත් නොමසුරුව හිමිවූ බවත් දුටුගැමුණු රජතුමා පවා උන්වහන්සේගෙන් ආරක්‍ෂාව පැතූ බවත් අතීත වංශකතාවල සඳහන්ය.

එවන් වූ සුවිශේෂී බලයක් හිමි කතරගම දෙවියන් උදෙසා පුද සත්කාරකර සියලූ දෙනාට ම එක ලෙස භාවිත කළ හැකි බලසම්පන්න සෙත්කවියක් නැකත පාඨක ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන අතර පුර පක්‍ෂයේ බදාදා දිනවල බුධ හෝරාවෙන් උන්වහන්සේ යහතින් වැඩ වාසය කරන්නා වූ දෙවොලක් වෙතගොස් පළමුව බුද්ධ ධම්ම සංඝ යන ත‍්‍රිවිධ රත්නය වැඳ නමස්කාරකර කතරගම දෙවියන්ගේ දෙවොලට ගොස් රතුනෙළුම් මල්, අබතෙල් පහන් සමග සුවඳදුම් පූජාකර වැඳ නමස්කාරකර උන්වහන්සේට පිං අනුමෝදන් කරන්න.

ඉන් අනතුරුව පහත සඳහන් සෙත් කවිය හත් වරක් කතරගම දෙවිඳුන් උදෙසා ගායනා කරන්න.

සෙත් කවිය

දරණ සයවන යුග්ම සයකින් අත්පුර සෙත සතට සරිලන
දිලෙන මයුරාසනයෙ තෙද යුතු කදිර පුරවර රජිත පිං කෙත
සදන හට බැඳි පිරුණු පෙම් ඇති කන්ද කුමරුනි යොමා දිවනෙත
සරණ වුව මැන පිං ලබාගෙන මවෙත ලබැඳි දියුණ සුවසෙත


එසේ ගායනා කිරීමෙන් අනතුරුව උන් වහන්සේට පිං අනුමෝදන්කර තමන් වෙත පැමිණ ඇත්තාවූ ගෙදර දොර ආරවුල්, රැකියා ස්ථානවල පවතින බාධක, අඩපණ වූ ව්‍යාපාර නැවත ගොඩ ගැනීමේ හැකියාව, සතුරු කරදර, සාධාරණ හේතු මත නඩු හබ දිනවීම, ප‍්‍රමාදවන විවාහ මංගල කටුතු ඉක්මන්කර ගැනීම බලාපොරොත්තුවන විදේශ ගමන්, අධ්‍යාපන කටයුතුවලට බලපාන්නා වූ බාධක ජයගෙන සතුටින් දිවිගෙවීමේ හැකියාව ඔබ වෙත උදාවනු ඇත.

මෙම ශාන්තිකර්මය සැදැහැ සිතින් කරන ඔබට කඳසුරිඳුන්ගේ පිහිට ආරක්‍ෂාව නොඅඩුව ලැබෙන අතර දිනෙන් දින ඔබේ කටයුතු සාර්ථකත්වය කරා ළ`ගාවනු ඔබට ම දැකිය හැකි අතර බාධක එකින් එක ජයගෙන ඉදිරියට යෑමේ අවස්ථාව ඔබවෙත පැමිණිය ද නොකඩවා මෙලෙස සෙත්කවිය භාවිතයෙන් අනාගතය සර්වප‍්‍රකාරයෙන් සාර්ථක වනු ඇත.

ජොතිෂ්‍යවේදී රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment