කපමින් සිටි ටිනර් බැරලය පිපිරී තරුණයා මරුට

508

රුවන්වැල්ල පොලිස් වසමේ දොරණුව, කුරුඳු වත්ත ප්‍රදේශයේ දී ටිනර් තිබූ හිස් යකඩ බැරලයක් විදුලි යන්ත්‍රයකින් කපමින් සිටිය දී බැරලය හදිසියේ පුපුරා යෑමෙන් එම බැරලය කපමින් සිටි තරුණයකු බරපතළ ලෙස තුවාල ලබා පෙරේදා (07 දා) සවස එම ස්ථානයේදීම මියගොස් තිබෙන බව රුවන්වැල්ල පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ රුවන්වැල්ල, ගල්පාත ප්‍රදේශයේ පදිංචි කේ. ජී. රොහාන් ජයවර්ධන නමැති අවුරුදු 21 ක විවාහක පුද්ගලයෙකි. මියගිය අයගේ දේහය මේ වනවිට කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ඊයේ (08 දා) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණ. රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment