කප්පම් ගන්න පැහැර ගෙන ගිය ව්‍යාපාරිකයා අතරමඟදී ලොරියෙන් පැනලා  

809

රුපියල් ලක්ෂ 3 ක කප්පම් මුදලක් ඉල්ලා රාත‍්‍රී 11.00ට පමණ ගලහ දෙල්තොට ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු ලොරියකින් පැහැර ගෙන යමින් සිටියදී එම ව්‍යාපාරිකයා අතරමඟදී ලොරි රථයෙන් පැනවිත් ගලහ පොලිසියට පැමිණිලි කිරීමත් සමග එම කප්පම්කරුවන් සොයා ගලහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ දෙල්තොට ග‍්‍රීන් ලෑන්ඞ් පටුමග ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මෙම පැහැර ගෙන යෑමට දෙදෙනකු පැමිණ ඇති බව ගලහ පොලිසිය පවසයි. මොහු රාත‍්‍රී වෙළෙඳසල තුළ සිටියදී බට්ටා වර්ගයේ ලොරියකින් පැමිණි දෙදෙනකු මෙම කප්පම් මුදල ඉල්ලා ඇති බවත් පසුව මොහුට පහර දී බිය ගන්වා එම ලොරි රථයෙන් පැහැරගෙන ගිය බවත් පැමිණිල්ලේ සඳහන් වේ. මෙම ලොරි රථය ගලහා බෙල්වුඞ් මාර්ගයේ ගමන් කරමින් තිබිය දී කඳු ප‍්‍රදේශයක එන්ජිම නතර වී ඇති බවත් ඒ අවස්ථාවේ තමා යටත් කරගෙන සිටි පුද්ගලයා රියදුරු අසුනට යෑමට සූදානම් වන අවස්ථාවේ තමා ඉන් පැන ආ බවත් එම ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත. රාත‍්‍රි පොලිස් ජංගම රථය එම ස්ථානයට යන විට ලොරි රථය ද රැගෙන මෙම දෙදෙනා පලා ගොස් තිබිණ. ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රීයන්ත පීරිස් මහතාගේ උපදෙස් මත ගලහා පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. ආර්. තල්වත්ත මහතා ඇතුළු කණ්ඩායමක් මෙම කප්පම්කරුවන් හා ලොරි රථයක සොයා පරීක්ෂණ අරඹා තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment