කප්පම් නඩුව විභාග වෙද්දී ජැකලීන් සාක්‍ෂි විකෘති කර ඉන්දියාවෙන් පනින්න හදලා

518

ඉන්දීය පාතාල නායකයකු වන සුකේෂ් චන්ද්‍රශේකර්ගේ රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඉන්දියාවෙන් පලා යෑමට උත්සාහ කර තිබේ. මේ කරුණු අනාවරණය කර ඇත්තේ මේ නඩුව දිල්ලි අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේය.

ජැකලින් ෆර්ඩිනැන්ඩස්ගේ නිත්‍ය ඇප ඉල්ලීමට එරෙහිව අධිකරණයට කරුණු දැක්වූ ඉන්දීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කළේ මෙම නිළිය සිය ජංගම දුරකථනයේ දත්ත මකාදමා සාක්ෂි විකෘති කර ඇති බවයි.

එසේම ජැකලීන් විමර්ශකයන් සමග සහයෝගයෙන් කටයුතු කර නැති අතර රටින් පලා යෑමට උත්සාහ කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.

නඩුවේ අනෙකුත් චූදිතයන් සමග මුහුණට මුහුණ වාඩි කරවා සාක්ෂි ඉදිරිපත් කළ විට, ජැකලීන් සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

චතුර පමුණුව

 

advertistmentadvertistment
advertistmentadvertistment