කපාපු බදු සල්ලි ආයෙත් දෙයි

1696

උපයන විට ගෙවීම් බද්දට අදාළව මූල්‍ය නොවන ප්‍රතිලාභ මත ඉකුත් ජනවාරි මාසයේ දී අයකර ගෙන ඇති අතිරික්ත මුදල් නැවත අදාළ සේවකයන්ට ගෙවීමට තීන්දු කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් මේ සඳහා උපදෙස් ලබාදී තිබේ.

උපයන විට ගෙවීම් බදු ගණනය කිරීමේ දී සලකා බලන මූල්‍ය නොවන ප්‍රතිලාභ සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ චක්‍රලේඛය නිකුත් කරන ලදි.

මේ අනුව ජනවාරි මස වැටුපෙන් දැනටමත් අයකර ගෙන ඇති අදාළ අතිරික්ත මුදල් අදාළ සේවකයන්ට නැවත ලබාදීම සිදුවන අතර ඉදිරි මාසවල දී නව චක්‍රලේඛය ප්‍රකාරව එම මූල්‍ය නොවන ප්‍රතිලාභවලට අදාළ බදු ගණනය කිරීම සිදුවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment