කපුටු දිනය අදයි

535

කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (27) යෙදී ඇත. කපුටා සම්බන්ධයෙන් ජනතාව අතර එතරම් කැමැත්තක් නැති වුවද කසල ශෝධකයෙක් ලෙස එම සත්ත්වයා පරිසරයට ඉහළ සත්කාරයක් ඉටු කරයි.
මේ දිනවල කපුටා සම්බන්ධයෙන් මෙරට තුළ විශේෂ අවධානයක් යොමුව ඇති අතර ඊට හේතුව වී ඇත්තේ විවිධ දේශපාලන හේතූන් නිර්මාණය වීමය.
කෙසේවෙතත් මෙරට තුළ කපුටන් වර්ග දෙකක් දැකිය හැකිය. ඒ ගැමි සහ නාගරික වශයෙනි. නාගරික කපුටන් කැදළි තැනීම සඳහා කම්බි කූරු වැනි යකඩ ද‍්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ඔවුනගේ ගහණය මේ වන විට අඩු වෙමින් පවතී.
කෙසේවෙතත් කපුටා කපටි, පි‍්‍රය මනාප නොවන සත්ත්වයෙක් බවට ජනතාව මේ වන වටත් තේරුම් ගෙන අවසන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment