කපුදූව පිවිසුම ලබාදීමට උරදුන් නිපුණ රණවකට කඹුරුපිටිය ජනතාවගේ ප‍්‍රණාමය

330

 මාතර, ගොඩගම සිට හම්බන්තොට දක්වා දික් කරන ලද අධිවේගී මාර්ගයේ විශාලතම අඩුපාඩුවක්ව තිබූ කපුදුව පිවිසුම ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිපුණ රණවක මහතාට කඹුරුපිටිය ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ශී‍්‍ර රෝහණ සංඝ සභාවේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය ඕමාරේ කස්සප නාහිමිපාණෝ ප‍්‍රමුඛ කඹුරුපිටියේ නගර සංවර්ධන ජනතා එකමුතුව කෘතඥතාව පුද කරන බව එම එකමුතුව ඊයේ නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.
 
 මේ හරහා තිහගොඩ, කඹුරුපිටිය, රන්සෑගොඩ, හොරපාවිට, දෙයියන්දර, මාකඳුර, මුලටියන, ඌරුබොක්ක ප‍්‍රදේශවල ජනතාවට හා ඒ ආසන්න සියලූ ජනතාවට අගනුවරට සම්බන්ධ වීමට විශාල පහසුවක් ලැබෙන බව ද එහි සඳහන් වේ. එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
 
 එමෙන්ම කඹුරුපිටිය ආඳපාන ප‍්‍රදේශයේ පිහිටා ඇති ආඳපාන රජයේ රෝහලේ සිට හදිසි අවස්ථාවන්හිදී වෙනත් රෝහලක් වෙත රෝගියෙකු යැවීම සිදුවන්නේ ද මෙම දුර ගෙවාගෙනය. දුර ප‍්‍රමාණයටත් වඩා වාහන තදබදය නිසා ඒ සඳහා විශාල කාලයක් ගතවිය. තව ද මෙම රෝහලේ ඉඩකඩ හා පහසුකම් සලකා බැලූ කල මෙය විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඉතාමත් සුදුසු වුවත් මේ දුර හා කාලය යන කරුණු නිසා බස්නාහිර පළාත තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කාර්යබහුලත්වය මත අපහසුතා රාශියකට මුහුණ පෑමට සිදුව තිබිණි. මීට අමතරව කඹුරුපිටිය ප‍්‍රදේශයට ඉතාමත් ආසන්නව පිහිටා ඇති රුහුණ විශ්වවිද්‍යාල කෘෂි පීඨය, තාක්ෂණ පීඨය, විල්පිට ගුරු අධ්‍යාපන පීඨය, කුරුඳු පර්යේෂණ ආයතනය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී රාජ්‍ය ආයතන ගණනාවකට ද මෙම පිවිසුම හේතුකොටගෙන ඉතාමත් ඉක්මනින් ළඟා වීමට හැකිවනු ඇත.
 
 කෙසේ වෙතත් පසුගිය මැතිවරණයේදී ජනතාව අංක එකට තෝරාගත් එම කුළුඳුල්, තරුණ ජවයෙන් හෙබි, පැහැදිලි ඉදිරි දැක්මක් ඇති නායකත්වය, නිපුන ආර්. රණවක මහතාගෙන්. ඔහු ඉතාමත් කාර්යබහුල වෙලාවක ඕමාරේ කස්සප හිමි ප‍්‍රමුඛ කඹුරුපිටිය නගර සංවර්ධන ජනතා එකමුතුව හා ප‍්‍රදේශයේ ප‍්‍රබුද්ධ ජනයා කළ ඉල්ලීමට ක්ෂණික ප‍්‍රතිචාරයක් ලෙස ඔහුගේ වචනයෙන් ප‍්‍රකාශ කළ සිටියේ. ‘‘ඇයි ඕක මට කලින් නොකිව්වේ. මේක කරන්නම ඕන දෙයක්නෙ. දවස් දෙකක් ඇතුළත මට ලිඛිතව ඉල්ලීමක් කරන්න. මම අගමැතිතුමා එක්ක කතා කරලා අනිවාර්යයෙන්ම මේක කරල දෙන්නම්.’’ ඒ ඔහුගේ ප‍්‍රතිචාරයයි. ඒ වනවිටත් වෙලාව පාන්දර 1.00 පමණ වී තිබිණ. ඔහුගේ වදන් තුළ කිසියම් හෝ තෙහෙට්ටු ගතියක්, මහන්සියක්, අප විසින් නොදුටු අතර එම වදන් තුළ විශාල ජවයක්, ශක්තියක් හා අවංක බවක්, අප සියලූ දෙනාටම නිරීක්ෂණය විය. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මේ අවස්ථාව අපහට ලබා ගැනීමට සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දේ මාතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සංවිධායක, අග‍්‍රාමාත්‍ය සම්බන්ධීකාරක අරුණ ගුණරත්න මහතාගේ ඥාතීවර බුද්ධික දර්ශන වික‍්‍රමසිංහ විසිනි.
 
 එම සිදුවීම සිදු වී දින දෙකක් ගතවීමටත් ප‍්‍රථම බුද්ධික දර්ශන විසින් දුරකථන ඇමතුමක් හරහා අපහට දන්වා සිටියේ එම ලිපිය ඉතාමත් ඉක්මනින් නිපුන රණවක මහතාට ලබාදෙන ලෙසය. කි‍්‍රයාත්මක වූ අප විසින් යුහුසුළුව එම ලිපිය සකස් කර එතුමාට ලබාදෙන ලදී. එමෙන්ම තවත් පිරිස් ද ඒ වනවිටත් එය එතුමාගෙන් ඉල්ලීම් කර තිබිණ. ඊට සති එකහමාරක් දෙකක් යන්නට ප‍්‍රථම ඔහු විසින් දන්වා සිටින ලද්දේ කපුදුව පිවිසුමට මුල්ගල තබන බවය. එය එසේ සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment