කබඩි ක‍්‍රීඩාවට රුපියල් මිලියන 41ක්

274

ජාතික ක‍්‍රීඩා කවුන්සිලය විසින් ප‍්‍රමුඛතා ක‍්‍රමවේදයක් මත පදනම්ව දිගුකාලීන ජාත්‍යන්තර ජයග‍්‍රහණ කරා යන වෘත්තීමය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහි කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක ඉහළ කාර්ය සාධන වැඩසටහනේ 08 වන ගිවිසුමට ඊයේ (14 වැනිදා) අත්සන් තැබීය ඒ අනුව මෙහිදී කබඩි ක‍්‍රීඩාවේ නිරත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 41කට වැඩි මුදලක් මෙලෙස ප‍්‍රදානය කෙරිණි.

 ක‍්‍රීඩකයන්ගේ කුසලතා මට්ටම් අනුව මුල්‍ය වටිනාකමක් ක‍්‍රීඩාව සදහා එකතු කරමින් අවසර ලත් තරගාවලීන් පැවැත්වීම හා ක‍්‍රීඩා කුසලතාවයන් වඩාත් හොදින් ඔප් නංවා ගැනීම සදහා වැඩි අවස්ථාවන් ප‍්‍රමාණයක් හිමි වන පරිදි ක‍්‍රීඩා තරගාවලි පැවැත්වීම මෙහි තවත් එක් අරමුණක් වේ.

 මෙම අවස්ථාව සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යංශයේ, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක‍්‍රීඩා සභාවේ නිලධාරින් සහ ශ‍්‍රී ලංකා කබඩි සංම්මේලනයේ නිලධාරී පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment