කබරදොල ඇල්ලේ දිය නා පැමිණි තරුණයා අත්වැල්තොට ඇල්ලට බිලිවෙයි – ඇල්ලේ පින්තූර ගනිද්දී පය ලිස්සා වැටිලා

257

අත්වැල්තොට ඇල්ල අසල ඡුායාරූප ගනිමින් සිටි පුද්ගලයකු පෙරේදා (10) පස්වරුවේ ඇල්ලට වැටී දියේ ගිලී අතුරුදන්ව ඇති බව බදුරලිය පොලිසිය කියයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ පානදුර, කෙසෙල්වත්ත, එදිරි මාවතේ පදිංචිව සිටි මොහොමඞ් අහමඞ් නමැති 21 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය කීය.

ඔහු තවත් යහළුවන් සිව් දෙනෙකු සමග බදුරලියට පැමිණ කබරදොල ඇල්ලේ දිය නා එමින් සිටියදී පස්වරු 5:30 ට පමණ අත්වැල්තොට ඇල්ල අසල නතර වී ඡුායාරූප ගනිමින් සිට ඇත. එහිදී ඔහුගේ පය ලිස්සා දියට වැටී දියේ ගිලී අතුරුදහන්ව ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බදුරලිය පොලිසිය ප‍්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දියේ ගිලී ඇති පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකරයි.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම, කළුතර සමූහ විජයසිරි විද්‍යාසේකර

advertistmentadvertistment
advertistmentadvertistment