කබ්රාල්ගේ හා ජයසුන්දරගේ පව්වලට අපි සියලු දෙනාට කරගහන්න වෙලා – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

199

ඊයේ (15) පාර්ලිමේන්තුව – මුල්‍ය බලය දීලා තියෙන්නෙ පාර්ලිමේන්තුවට. ඒත් පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව හොර වංචා සිදු වෙනවා.

මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ලොකු විනාශයක් කළ අයෙක් අජිත් කබ්රාල්. ඒ වගේම පී. බී. ජයසුන්දර, ඔවුන් කරපු වැරදි නිසා අපි සියලු දෙනාටම ඒ පවට කරගහන්න වෙලා. රේගුවේ අකාරයක්ෂමතාව හා වංචා

ගැන අපි කතා කළා. රේගුවේ බදු ගෙවන්න බැංකු ශාඛාවක්වත් නැහැ. අපේ රටට බදු ප්‍රතිපත්තියක් නෑ. ආයෝජකයෙක් එන විට ඔහුට පෙන්විය හැකි බදු ක්‍රියාවලියක් තිබිය යුතුයි. ආණ්ඩු හා මුදල් ඇමැතිවරු මාරු වනවිට බදු වෙනස් වෙනවා.

දූෂණ විරෝධී පනතක් එක්සත් ජාතීන්ගේ ප්‍රධානීන්ට අනුව සකස් කළා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment