කබ්රාල් මහ බැංකුවෙන් යවන්න මද්දුමබණ්ඩාර සහ මනුෂ උසාවි යති

191

අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයේ කටයුතු කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළහ.

 අජිත් නිවාඞ් කබ්රාල් මහතා දැඩි ලෙස දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු මෙන්ම මූල්‍ය චෝදනා එල්ල වූ අයකු බවත් එබැවින් ඔහු එම තනතුරේ කටයුතු කිරීමෙන් ජනතා අපේක්‍ෂා බිඳවැටෙන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණි.

 මහබැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණනයකදී අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශී‍්‍ර ලංකා මහබැංකුවට රුපියල් බිලියන ගණනින් අලාභයක් කළ අයකු බව අනාවරණය වී ඇතැයි ද එබැවින් එම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නියෝගයක් කරන ලෙස ද අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඇතුළු සිව්දෙනකු හා මහබැංකු මූල්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම් මගින් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment