කමල්ට – ශවේන්‍ද්‍රට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශයක්

503

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්‍ද්‍ර සිල්වා, රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි සුරේෂ් සාලේ හා ත‍්‍රස්ත මර්දන නිලධාරීන් රැසක් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාවේ කොන්ග‍්‍රස් සභා කොමිසමක් හමුවේ ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ ජෝන් සිප්ටන් දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දී ඇත.

දෙසැම්බර් 10 (ඊයේ) යෙදී තිබුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් එම දිවුරුම් ප‍්‍රකාශය ඉදිරිපත් කර තිබේ.

ජෝන් සිප්ටන් ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශය පිටු 13 කින් සමන්විතය.

රජය විදේශ රටවලින් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් නතර කර ඇති බවත්, කොටි නායකත්වය මුළුමනින් ම ඝාතනය කර ඇති බවත් එහි දක්වා තිබේ.

මෙම දිවුරුම් ප‍්‍රකාශය ඉදිරිපත් කළ ජෝන් සිප්ටන් කිසි දිනක මෙරටට පැමිණ නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment