කමල් රත්වත්තේ අභාවප‍්‍රාප්ත වෙයි

432

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධුරය දැරූ කමල් සේනක රත්වත්තේ මහතා :61ෆ හදිසියේ රෝගාතුර වී පෙරේදා :3 දා කොළඹදී අභාවප‍්‍රාප්ත විය.

ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සොහොයුරා වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ක්ලිපඞ් සේනක රත්වත්තේ මහතාගේ එකම පුතු වූ මෙතුමාගේ මව වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනියක වූ මල්ලිකා රත්වත්තේ මහත්මියයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළ මෙතුමා 2012 වසරේ සිට වසර හතරක් ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය ද හෙබවීය.

මියයන විට 61 වැනි වියේ පසුවූ රත්වත්තේ මහතා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2019 දෙසැම්බර් මාසයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධුරයට පත්වූ අතර ඊට පෙර ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ලෙසද ජාතික රක්‍ෂණ සංස්ථාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කළේය. බලන්ගොඩ සුන්දර පරිසරයක පිහිටි මහවලතැන්න වලව්වේ වත්මන් උරුමය ද දැරුවේ කමල් රත්වත්තේ මහතාය.දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ :4දා සවස කොළඹ බොරැල්ල කනත්තේදී සිදුවිය. එතුමාට නිවන්සුව අත්වේවා.

බලන්ගොඩ එන්. එච්. පියසේන සහ ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment