කමල් – ශවේන්ද‍්‍ර ඇතුළු හමුදාවේ 28 කට සම්බාධක පනවන්න සැලසුම්  

425

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ඇමැතිනි ඇමන්ඩා මිලින් එරට පාර්ලිමේන්තුව අමතමින් ප‍්‍රකාශ කර ඇත.

මෙම සම්බාධක නම් විදෙස් ගමන් සහ පිටරටවල ඇති ඔවුන්ගේ වත්කම් තහනම් කිරීමයි. මේ සම්බාධක පැනවීම සඳහා ඇමරිකානු රජය සමග සාකච්ඡා කරන බව ද ඇය වැඩිදුරටත් හෙළිකර තිබේ. ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක පැනවීමට බි‍්‍රතාන්‍ය රජය කි‍්‍රයා නොකරන්නේ මන්දැයි කොටි හිතවාදී මන්ත‍්‍රිනි සියොබ්ගාන් මැක්ඩොනා නැඟූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින් විදේශ ඇමැතිනි එලෙස පවසා ඇත. සම්බාධක පනවන ලෙස කොටි හිතවාදීන් නම්කර ඇති හමුදා නිලධාරීන්ගේ ලැයිස්තුවට හමුදාපති ශ්වේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ නම් ද ඇතුළත් වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment