කම්සැප පෙන්වා කාමරයට ගෙන්වා ඇතිහැකි අයගේ සාක්කු සුද්ද කළ අනියම් යුවළ කොටුවෙති

571

*සැකකරු දෙහිවල ඕඅයිසී ලෙසත් පෙනී ඉදලා

* යුවළට මාට්ටු වූ රැසක් නම කැත වෙතැයි සිද්ධිය වසන් කරලා

දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් දෙහිවල මහල් සංකීර්ණයක කාමර දෙකක් කුලී පදනම මත ලබාගෙන අන්තර් ජාල වෙබ් අඩවිවලින් ලබා ගන්නා විවිධ පුද්ගලයන්ගේ දුරකථන අංකවලට කතාකර කාන්තාවන් අලෙවි කරන මුවාවෙන් එම කාමරවලට ගෙන්වා ඔවුන් නිරුවත් කර ඡුායාරූප හා වීඩියෝ ගතකර එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බියවද්දා රන්භාණ්ඩ ඇතුළු මුදල් දේපල මංකොල්ල කනු ලැබූ පුද්ගලයකු අනියම් බිරිඳ ලෙස සැලකෙන කාන්තාවක සමග දෙහිවල පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් විසින් මගින් ඉකුත් 02 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන සැකකරු හෝමාගම මෙසේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කාන්තාව කිරුලපන කූඹි කැලේ පදිංචි 26 අයෙකු බව ද පොලිසිය කියයි.

අඹු සැමි යුවළක් ලෙස මෙම නිවාස සංකීර්ණයේ කාමර දෙකක් කුලී පදනම මත ලබාගෙන අන්තර්ජාලයෙන් ලබාගන්නා සමාජයේ විවිධ උසස් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට කතාකර විශ්වාසය තහවුරු කරගැනීමෙන් අනතුරුව කාන්තාවන් අලෙවියට ඇති බව පවසා කාමර අංකය ලබා දී ඔහු එම කාමරයට පැමිණීමෙන් අනතුරුව කාන්තාව විසින් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටින අනියම් සැමියා ගෙන්වාගෙන මොහු තමන් සමග අනාචාරයේ හැසිරීමට පැමිණ ඇති බව පවසන කාන්තාව අනියම් සැමියා හා එක්ව පිහි පෙන්වා බියවද්දා නිරුවත්කර වීඩියෝගත කරමින් ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට පවසා තර්ජනය කර ඔහු සතු රන් භාණ්ඩ මුදල් ඇතුළු සියලූ‍ දෑ කොල්ලකා පළවා හැර ඇති බවත් සමාජයේ තම තත්වයට හානියක් සිදුවිය හැකි බැවින් පොලිසිය වෙත පැමිණිල්ලක් හෝ කිරීමට ඉදිරිපත්ව නැති බවට තොරතුරු පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

මේ අතරතුර ඕමානයේ සිට පැමිණි පුද්ගලයෙකු අන්තර් ජාලයෙන් ලබාගත් දුරකතන ඇමතුමක් අනුව මෙම කාමරයට පැමිණි අවස්ථාවේ එම කාන්තාව හා පුද්ගලයා එකතු ූවී ඔහු නිරුවත්කර වීඩියෝකර අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කර බියවද්දා ඔහු සතු රන්මාල හා රුපියල් පනස් දහසක මුදලක් කොල්ලකා ඇත. ඒ අනුව ඔහු විසින් දෙහිවල පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වැඩිදුර සිදුකළ විමර්ශනයේදී මෙම ස්ථානයට වෛද්‍යවරු, ඉංජිනේරු, ව්‍යාපාරිකයින් ඇතුලූ‍ විවිධ ප‍්‍රභූවරුන්ද පැමිණ අඩන්තේට්ටම්වලට ලක්වී ලැජ්ජාව නිසාම පැමිණිලි කිරීමට යොමු නොවී ඇති බවටත් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු දෙහිවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එල්. දුෂ්මන්ත ලියනගේ මහතාගේ අධීක්‍ෂණයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මලවීර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් කොස්තාපල්වරුන් වන 64825 නිහාල්, 91860 චාමර , 94078 රත්නායක කාන්තා පොලිස් කොස්තාපල් 10908 ස`දමාලි යන නිලධාරීන් විසින් සිදුකර ගෙන යනූ ලබයි.

පින්සිරි ආරියරත්න – රත්මලාන
 

advertistmentadvertistment
advertistmentadvertistment