කයිතඩි හන්දියේ අනතුරකින් ගුරුවරියක් එතැනමයි – පොලිස් නිලධාරියෙකුටත් බරපතළ තුවාල

1015

යාපනයේ කෝපායී කයිතඩි හන්දිය අසලදී යතුරුපැදියක ගමන් කළ ගුරුවරියක් හා පොලිස් නිලධාරියෙකු 15 දා පිටුපසින් පැමිණි ටිපර් රථයකට යටවීම නිසා ගුරුවරිය එම ස්ථානයේම මියගිය අතර පොලිස් නිලධාරියා බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

කයිතඩි හන්දියේ අනතුරකින් ගුරුවරියක් එතැනමයි - පොලිස් නිලධාරියෙකුටත් බරපතළ තුවාල

මෙම අනතුරෙන්  මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක එස්. සීතාංගනී නමැති පාසල් ගුරුවරියක් වන අතර පොලිස් නිලධාරියෙකු වන ඇගේ සැමියා බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. ටිපර්

රථයේ රියදුරා කෝපායී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරා අධික වේගයෙන් පැමිණ ඉතා අනාරක්ෂිතව තිබූ ස්ථානයකදී යතුරු පැදියට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. කෝපායී පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment