කයිවාරු ගහන රතු සහෝදරුවරු රාජපක්ෂලා බලයට ගේන්න ගෙන් ගෙට ගියා

122

රටට විසඳුම් ලබා දෙනවායැයි මැතිවරණ වේදිකා පුරා කයිවාරු ගහන රතු සහෝදරුවරු 2005 දී රාජපක්ෂලා බලයට ගෙන ඒමට ගෙන් ගෙට ගොස් කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකි බවත් ඔවුන් විවිධ කාලවලදී දූෂිතයන් බලයට ගෙන ඒමට විවිධ දේශපාලන ව්‍යාපෘති දේශපාලන කොන්ත්‍රාත් දියත් කරමින් කටයුතු කළ බවත් මේ රටේ දුෂිතම පාලකයා බිහි කරමින් රටේ ජනතාව වහලු‍න් බවට පත් කළ ඔවුන් මේ දිනවල එකම විසඳුම ඔවුන් යැයි කියා කියමින් කරන්නේද එකී පොලිටිකල් ඩීල් එකක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට විසඳුම් ඉදිරිපත් කරනවායැයි කියන ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට ඔවුන් පෞද්ගලික දේපල අයිතිය තහනම් කරන බවත් එසේ කළහොත් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයත්වයන් අඩපණ වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ කළහොත් ජනතාවගේ දේපල රාජසන්තක වන බවයි. අන්ත සමාජවාදී මතවාදයක් වන එය ක්‍රියාත්මක වුවහොත් රටක් ලෙස ගොඩඒමට නොහැකි බවත් අන්ත සමාජවාදී කොමියුනිස්ට්වාදී රටක් වන චීනයද ඇමෙරිකාවටත් එහා ගිය ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔබලාගේ දේපල, නිවෙස්, ව්‍යාපාර, කඩසාප්පු අහිමි කරන පෞද්ගලික දේපල රාජසන්තක කරන යුගයක් නිර්මාණය වීමට ඉඩ නොදෙන ලෙසද ඉල්ලා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 18දා රත්නපුර නගරයේ පැවැති ජන රැළියකට එක් වූ අවස්ථාවේ දීය. නිදහස් උළෙල උත්කර්ශයෙන් පවත්වන්න, ලොකු ලොක්කන්ගේ නිල නිවාස නඩත්තු කරන්න, ලක්ෂ 142ක ජංගම වැසිකිළි ගන්න මුදල් තිබෙන මේ ආණ්ඩුවට මැතිවරණයට මුදල් නොමැති බවත් නිවට, කශේරුකාවක් නැති මේ ආණ්ඩුවට කියන්න ඇත්තේ දේශපාලනඥයා සිටිය යුත්තේ ජනතාවගේ දුකේදීත් සැපේදීත් ජනතාව සමඟ සිටීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විවිධ තුරුම්පු ගසා මැතිවරණය කල් දමා හෝ අහෝසි කිරීමට ආණ්ඩුවට කටයුතු කරන්නේ නම් ජන බලයෙන් ජන සවියෙන් කෙසේ හෝ මැතිවරණය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ අවස්ථාවේ රටට අවශ්‍ය වී ඇත්තේ රටට ඵලක් ඇති රටට සේවයක් කර ඇති විකල්පයක් බවත් 75 වසරක කාලය තුළ මේ රටට විපක්ෂය කිසිදු වැඩක් නොකළ මුත් පසුගිය වසර 3ක කාලය තුළ කිසිදු දේශපාලන බලයක් නොමැතිව සමගි ජන බලවේගය ‘සක්වල’ හා ‘හුස්ම’ වැඩසටහන් යටතේ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment