කරඬුවක බහා ලූ පිරිත් පොත

223

දෛනික ආමිස පූජාවන්ගෙන් පිදුම් ලැබිය යුතු පිරුවානා පොත් වහන්සේ, දෙදහස් පන්සිය පනස් වසරක ඉතිහාසයේ චූලම වූ පුස්තක රත්නය ලෙසින් (ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ) කරඬුවක තැන්පත් කොට සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට නිරන්තරයෙන් ආමිස පූජා පැවැත්වීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබේ.

අනුරාධපුර යුගයේ මහා විහාරික මහරහතන් වහන්සේලා විසින් මීට අවුරුදු 1600 කට පමණ ප්‍රථම එක් පාදයකට අකුරු 8 බැගින් වන පාදා 4 කින් යුත් ගාථා 1000 ක් එනම් අකුරු 32,000 වන සේ මෙම පිරුවානා පොත් වහන්සේ ප්‍රථමයෙන් ම සකස් කෙරුණා. චතුත් බණ වර පාලි ලෙස එකල මෙය හඳුන්වනු ලැබීය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ප්‍රධානතම සූත්‍ර 28 ක් ඇතුළත් කර මෙම පිරුවානා පොත් වහන්සේ සම්පාදනය කර ඇත. බුද්ධරත්නය වන්දනාමාන කිරීමට සංකේතයක් ලෙස ධාතුන් වහන්සේලා සහිත කරඬු ඇතත්, ධර්මරත්නය වන්දනා කිරීමට සංකේතයක් නොමැති බැවින් ඒ සඳහා මෙම පුස්ථකය වන්දනාමාන කිරීමට හැකියාව ලැබේ. නිවෙස් හී දානමය පිංකම්වලදී සධාතුක ධාතු කරඬුවත් සමඟ ධර්ම රත්නය සංකේතවත් කිරීමට කුඩාවට සකස් කරන ලද මෙම පිරුවානා පොත් වහන්සේ කරඬුවක බහා වැඩම කිරීමේ හැකියාව තිබේ.

කරඬුවක බහා ලූ පිරිත් පොත

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත මෙම චූල පුස්ථක පිරුවානා පොත් වහන්සේ සම්පාදනය කළ නාලක රත්නායක මහතා විසින් එය පිළිගන්වනු ලැබුවා. මේ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කර අමාත්‍යාංශයේ ද දායකත්වය සහිතව දීපව්‍යාප්ත වැඩසටහනක් සකස් කිරීමට ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment