කරදමුංගු කරාබුනැටි කරුංකා තැපෑලෙන් රටට රිංගයි

430

විදේශයන්ගෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට තහනම් කර ඇති දේශීය සුළු අපනයන භෝග වන කරදමුංගු, කරාබුනැටි සහ කරුංකා නීති විරෝධි ලෙස විදේශ තැපෑල හරහා ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කලක සිට ක‍්‍රියාත්මක වන බව තැපැල් දොපර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.

කිලෝ තිහේ පාර්සල් ලෙස පකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් මේවා ලංකාවට රැගෙන එන බවත් අවම වශයෙන් මසකට පාර්සල් 100-500 අතර ප‍්‍රමාණයක් මෙම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් තැපෑලේ පිරිසක් සමග එක්ව ගෙන්වන බවත් හෙතෙම පැවසීය.

මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ ෆුඩ් බෝල් ලෙස හදුන්වන සෙල්ලම තැපෑල තුළ දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වන බවයි. තැපෑල හරහා සිදුවන මෙම ගනුදෙනු අවම කිරීම සඳහා මේ වන විටත් සී සී ටී වී කැමරා ඇතුළු නවීන තාක්‍ෂණය යොදාගෙන ඇති බවත් තැපල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රියදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment