කරදියන්පත්තු සහ කරච්චි ප‍්‍රා. සභා මන්ත‍්‍රීහු කරත්තවලින් සභාවට එති

102

මුලතිව් කරදියන්පත්තු ප‍්‍රාදේශීය සභාවේ සහ කිළිනොච්චිය කරච්චි ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් ඉකුත් 10 දා පැවති සභාවාරයට ගොණුන් බැඳි කරත්ත වලින් පැමිණ ඉන්ධන හිඟයට හා මිල ඉහළ යෑමට එරෙහිව විරෝධය පළ කළහ.

එම මන්ත‍්‍රීවරු නගර හරහා ගොණුන් බැඳි කරත්ත වලින් පැමිණ මන්ත‍්‍රීවරුන්ට වාහන නතර කිරීම සඳහා වෙන්කොට ඇති ස්ථානයේ කරත්ත නවතාලීම නිසා විශාල ප‍්‍රශ්නයක් ඇතිවිණි. කෙසේ වෙතත් එම ස්ථානයෙන් කරත්ත ඉවත් කිරීමට දුන් නියෝග කිසිවක් මන්ත‍්‍රීවරු පිළි

නොගැනීම නිසා සභා වාරයට සහභාගී වූ මන්ත‍්‍රීවරුන්ගේ කරත්ත ප‍්‍රාදේශීය සභා ඉදිරිපිට නතර කොට තිබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment