කරන්නාගොඩට එරෙහි නඩුව ඉදිරියට ගෙන යන්නේ නෑ – නීතිපති අධිකරණයට දන්වයි

252

සුදු වෑන් භාවිතා කරමින් තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඊයේ (13දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පැවරීම අභියෝගයට ලක්කරමින් වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකර තිබූ පෙත්සම ඊයේ (13 දා) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥවරිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයාගේ එම ස්ථාවරය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙස පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලා සිිටි අතර ඒ අනුව එම නඩුව ලබන නොවැම්බර් 3 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.

ඒ.ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment