කරන්නාගොඩ නිදහස් කිරීමට අදාළ රහස් වාර්තාව උසාවිය ඉල්ලයි

300

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට පදනම් කරගත් රහස්‍ය වාර්තාව වහාම අද (02දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (01 දා) නීතිපතිවරයාට නියෝග කළේය.

14 වැනි විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතවරයා තීරණය කර ඇත්තේ අතිරේක සොලිසිටර්වරයකු විසින් සකස් කරන ලද රහස්‍ය වාර්තාවක් පදනම් කරගෙන බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හෙරින් පුල්ලේ මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතා එම නඩු කටයුත්තෙන් නිදහස් කිරීමට නීතිපතිවරයා ගෙන තිබු තීරණය බලරහිත කරනා ලෙස ඉල්ලා අතුරුදන් වූ පවුල්වල ඥාතීන් සිව් දෙනකු ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම සලකා බැලීම අද (2 දා* දක්වා කල්තැබීමට ද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.

ලබන 3 වැනිදා හෝ ඊට පෙර එකී රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරු මඬුල්ල එහිදී පෙත්සම්කාර පාර්ශ්වයට හා වගඋත්තරකාර පාර්ශ්වයට වැඩිදුරටත් නියෝග කළහ.

නීතිඥ අචලා සෙනවිරත්න මෙනවිය සමග ජ්‍යෙෂ්ට නීතිඥ නුවන් බෝපගේ මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment