කර්මාන්ත අමුද්‍රව්‍ය වරායේ හිරවෙයි – නිදහස් කර නොගත්තොත් කර්මාන්ත රැසක් මකර කටේ

251

අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ද රේගුවෙන් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව මව්බිම ලංකා පදනමේ ප‍්‍රධාන ලේකම් හා ඞී.එස්.අයි. සැම්සන් සමූහ ව්‍යාපාරයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතා ඊයේ (09 දා) ‘දිවයින’ට පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශය හරහා නව කමිටුවක් පිහිටුවා රටේ කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හඳුනාගෙන, ඒවා වරායෙන් කඩිනමින් නිදහස්කර ගැනීමට අවශ්‍ය නිර්දේශය, මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යෑමේ කමිටුවක් වෙත ලබාදිය හැකි බවට ද කුලතුංග රාජපක්‍ෂ මහතා රජයට යෝජනා කරයි.

අද කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමටවත් ණයවර ලිපියක් විවෘත කර ගැනීමට ඩොලර් නොමැති බව ද වෙනත් අත්‍යවශ්‍ය නොවන නිමි භාණ්ඩ රටින් ගෙන්වීමට වඩා මේ කර්මාන්ත අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට විදේශ විනිමය සැපයීම ඉතා වැදගත් බව ද රාජපක්‍ෂ මහතා කියයි.

දැනට මේ දේ කෙරෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණයි. ඒ නිසා ඒ දේම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය කඩිනමින් නිදහස් කර ගැනීමට ද කරන්න පුළුවන්. කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියල කර්මාන්ත අමාත්‍යාංශය දන්නවා. ඒ නිසා කර්මාන්ත අමාත්‍යාංශය හරහා කමිටුවක් දාලා එය සිදුකළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

එසේ නොකළොත් කර්මාන්තවලට වැඩ කරගෙන යෑමට බැරි තත්ත්වයක් උදාවන බව ද කුලතුංග රාජපක්‍ෂ මහතා තවදුරටත් ‘දිවයින’ ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment