කර්මාන්ත ශාලාවක් ටින් මාළුවලට හොර ලේබල් ගහලා

314

පන්නල, මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක රුපියල් කෝටියකට ආසන්න බව පැවසෙන ටින් මාළු තොගයක් නිෂ්පාදන දිනය සහ මිල ගණන් වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කරමින් සිටියදී 20 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසයි.

ඉස්සන් සහ දැල්ලන් වැනි මත්ස්‍ය වර්ග අපනයනය කරන කර්මාන්ත ශාලාවක මෙලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව වැටලීමට සහභාගිවූ කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරිකාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අසංක නන්එදිරි මහතා පැවසීය.

මෙහිදී නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මෙම ටින් මාළු දවටනවල මිල ගණන් සහ කල් ඉකුත් වීමට ආසන්න සැමන් ටින් තොගවල නිෂ්පාදන වර්ෂ ද වෙනස් කර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බව ද පැවසෙයි. අත්අඩංගුවට ගත් දාහත් දහසකට ආසන්න සැමන් ටිං තොගය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වාර්තාව සමග ඉදිරි දිනකදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අසංක නන්එදිරි මහතා ඇතුළු එහි නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමට එක්වූහ.

සඳලංකාව – ධම්මික රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment