කර්මාන්ත ශාලා ප්‍රදර්ශනාගාරයක ගින්නක්

141


වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක ගින්නක් හටගැනීමෙන් විදුලි උපකරණ සහ රෙදිපිළි විනාශ වී ඇත.

මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී ගොස් තිබේ.

කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment